Thursday, February 20, 2014

This is the development of Sri Lanka under Mahinda Rajapaksha's Government

Think again about your votes in future Elections in Sri Lanka.





If Sri Lankan Government blocks facebook in future, we can access it using TOR Browser.
To See How Click Here : http://howtounbandfacebookinsrilanka.blogspot.ru

Friday, February 14, 2014



ආණ්ඩුව ෆේස්බුක් තහනම් කිරීමේ සූදානමක්  


ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් හා ලමා පරපුර හා සංස්කෘතියේ මතු ආරක්ෂාව සඳහා යැයි සුරංගනා කතා කියමින් ෆේස්බුක් සමාජ වෙබ් අඩවිය තහනම් කිරීමේ සූදානමක් පවතින බව මෑත කාලයේදී නොයෙක් දෙනාගේ කථා බහට ලක්වූ මාතෘකාවකි. එහි සත්‍ය අසත්‍යතාවය ගැන ආණ්ඩුව තවමත් නිල වශයෙන් කිසිවක් පවසා නැති මුත් හදිසියේ ෆේස්බුක් සමාජ ජාලය ලංකාව තුල තහනමකට ලක්වුව හොත් වෙබ් අඩවි තහනම් කිරීමේ තාක්ෂණික ක්‍රමවේද අභිබවා ෆේස් බුක් වෙත නැවත කිසිඳු බාධාවකින් තොරව පිවිසෙන ආකාරය ඔබට කියා දීම මාගේ අරමුණයි. මෙය කියවා අවසන් වූ විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය දූෂිත නූගත් චෛරයෙකුට වුවමනා ආකාරයට වාරණය කල නොහැකි බව ඔබට පැහැදිලි වනු ඇත.
තාක්ෂණික ක්‍රමවේද භාවිතා කර ෆේස්බුක් තහනම් කල හොත් ඔබට සාමාන්‍ය ආකාරයට ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වනු ඇති අතර ඒ වෙනුවට මා ඔබට වෙනත් ක්‍රමයකි ඉදිරිපත් කරමි. එනම් tor ජාලය භාවිතා කිරීමයි.


Tor  ජාලය යනු කුමක්ද
Tor  ජාලය යනු ලොව පුරා සිටින පරිගණක පරීශීලකයන්ට සිය පුද්ගලිකත්වය ආරක්ෂා කරගනිමින් සහ අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් කරා කිසිඳු බාධාවකින් තොරව ඇතුලු වීමට ඉඩ සලසා දෙන පරිගණක ජාලයකි. මෙය මුල් අවධියේ භාවිතා කෙරුනේ ඇමරිකානු නාවික හමුදාවේ සන්නිවේදන කටයුතු ආරක්ෂාකාරීව කර ගැනීම සඳහා පමණක් වුවත් අද වන විට ලොව ඕනෑම පරිගණක පරීශීලකයෙකුට නොමිලේ Tor ජාලය භාවිතා කිරීමේ හැකියාව ඇත. ජාලයේ නිල වෙබ් අඩවිය වනුයේ - www.torproject.org වේ. අවශ්‍ය නම් එම වෙබ් අඩවිය වෙත පිවිස Tor  ජාලය ගැන වැඩිදුර ඉගෙන ගැනීම කල හැක.

Tor  ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී සිදු වන්නේ කුමක්ද 

Tor  ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමේදී ඔබගේ සේවා සපයන්නා (SLT, Dialog, Mobitel, Etisalat, Airtel, Hutch වැනි) හරහා ඔබ ප්‍රථමයෙන්ම පිවිසෙන්නේ Tor ජාලය වෙතය. පසුව Tor ජාලය විසින් ඔබව ලොව පුරා විසිර ඇති Tor ජාලයට අයත් කිහිපයක් පරිගණක හරහා ඔබව ෆේස්බුක් වෙබ් අඩවිය වෙත යොමු කරයි. මෙහිදී සත්‍ය වශයෙන්ම ඔබගේ සේවා සපයන්නා හට පෙනෙන්නේ ඔබ Tor ජාලය වෙත පමණක් සම්බන්ධ වනවා යැයි කියාය. එනිසා සේවා සපයන්නා විසින් කර ඇති කිසිඳු අන්දමේ තහනම් කිරීමකින් ඔබට බාධාවක් ඇති නොවේ. එනිසා ෆේස්බුක් පමණක් නොව සේවා සපයන්නා තාක්ෂණික වශයෙන් අවහිර කර ඇති ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor ජාලය හරහා පිවිසිය හැක.
 
ආණ්ඩුවට Tor ජාලයට පිවිසීමත් අවහිර කල හැකිද ?

නැත. Tor ජාලය විසින් භාවිතා කරන තාක්ෂණික ක්‍රමවේදයන් නිසා Tor ජාලය කිසිවෙකුට සම්පූර්ණයෙන් තහනම් කිරීම සිදු කල නොහැක. මේ බව ඔවුනගේ වෙබ් අඩවියේ පැහැදිලව දැක්වේ.

ජාලය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට අවශ්‍ය වන්නේ මොනවාද ?

මේ සඳහා ඔබට Tor ජාලය විසින් සකස් කරන ලද Tor Browser Bundle මෘදුකාංගය අවශ්‍ය වන අතර එය ඔවුන්ගේ නිල වෙබ් අඩවිය වන www.torproject.org මඟින් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.
ඒ සඳහා එම වෙබ් අඩිවයට පිවිස එහි ඇති Download Tor මත ක්ලික් කර ලැබෙන වෙබ් පිටුවේ Download මත ක්ලික් කිරීමෙන් ඔබට මෙය නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක.


Tor Browser Bundle මෘදුකාංගය install කරන්නේ කෙසේද ?

Tor Browser Bundle මෘදුකාංගය download කර ගැනීමෙන් පසුව එය භාවිතා කර ෆේස්බුක් වෙත පිවිසීමට ඔබට මෙම මෘදුකාංගය install කර ගැනීමට අවශ්‍ය වේ. ඔබ මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගැනීමෙන් පසු එය පහත පරිදි දිස්වනු ඇත.

 


දැන් ප්‍රථමයෙන්ම මෙය මත Double ක්ලික් කරන්න. එවිට පහත ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් විවෘත වේ.  

 

මෙහි English යන්න තොරා OK මත ක්ලික් කරන්න.
 

එවිට පහත ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් විවෘත වේ. එහි Destination Folder හි Tor Browser Bundle එක Install කිරීමට අවශ්‍ය ස්ථානයක් ලබා දී Install මත ක්ලික් කරන්න.

  

එවිට පහත ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් පෙන්වමින් tor browser bundle එක install වීම ආරම්භ වේ.
 
 


Install වීම අවසන් වූ පසු ඔබට පහත අන්දමේ වින්ඩෝවක් දර්ශනය වේ.






මෙය ඔබට දිස්වුනි නම් Tor Browser Bundle එක සාර්ථකව ඔබේ පරිගණකයේ Install වී ඇත.
ඔබ විසින් කලින් ඩයලොග් බොක්ස් එකකදී හි දක්වන ලද Destination Folder හි ස්ථානයට මෙම Tor Browser Bundle එක Install වීම සිදුවේ.
දැන් මෙහි Finish මත ක්ලික් කරන්න. එවිට පහත ඩයලොග් බොක්ස් එක දිස් වෙන අතර එහි Connect මත ක්ලික් කරන්න.



 


මෙහි Connect මත මත ක්ලික් කිරීමෙන් පසු ඔබට පහත ආකාරයේ ඩයලොග් බොක්ස් එකක් පෙන්වමින් ඔබව Tor ජාලය වෙත සම්බන්ධ කිරීමට උත්සාහ කරයි.





සුළු මොහොතකට පසු පහත ආකාරයට Tor Browser එක ඕපන් වී ඔබව සාර්ථකව Tor ජාලය වෙත සම්බන්ධ වී ඇති බව පෙන්වනු ඇත.

 


දැන් මෙහි Address Bar එකේ www.facebook.com ලෙස ටයිප් කිරීමෙන් ඔබට Tor ජාලය හරහා ෆේස්බුක් වෙත පිවිසිය හැක. ආණ්ඩුව හදිසියේ ෆේස්බුක් තහනම් කල හොත් ඔබගේ අනෙකුත් වෙබ් බ්‍රවුසර් වලින් ෆේස්බුක් වෙත පිවිසීමට නොහැකි වන ඇති මුත් මෙම Tor Browser Bundle එක හරහා ෆේස්බුක් වෙත පිවිසීමට කිසිඳු අන්දමේ බාධාවක් නොවේ.

මෙය ලියන මොහොතේ ෆේස්බුක් වෙබ් අඩවිය ලංකාව තුල තහනම් නැති නිසා මෙම Tor Browser  එක මඟින් ඔබට තහනම් කර ඇති වෙබ් අඩවි කරා යාමට ඉඩ සලසා දෙන ආකාරය ප්‍රායෝගිකව දැක ගැනීමට නම් ඔබ විසින් මෙහි Address Bar  හි ලංකාව තුල තහනම් කල වෙබ් අඩවියක වෙබ් ලිපිනයක් ටයිප් කර බැලිය යුතුය. උදාහරණයක් ලෙස අපි www.lankaenews.com වෙබ් අඩවිය ගනිමු. www.lankaenews.com වෙබ් අඩවිය විසින් දිගින් දිගටම මහින්ද රාජපක්ෂ නම් ලක් ඉතිහාසයේ දූෂිතම ජනාධිපතිවරයාගේ දූෂණවංචාඅක්‍රමිකතාකොමිස් ගැහිලිඅපරාධ ආදිය නොබියව වාර්ථා කල වෙබ් අඩවියකි. තමාගේ සියලු දූෂණ වංචාඅපරාධ රටට අනාවරණය වන නිසා මහින්ද රාජපක්ෂ විසින් ලංකා ඊ නිවුස් ආයතනය රහසේ ගිනි තැබූ අතර එම නිසා එම ආයතනයේ කතුවරුන් රට හැර ගියෝය. දැන් ඔවුන් එංගලන්තයේ සිට නැවත ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය නැවත පවත්වාගෙන යමින් මහින්දගේ දුර්දාන්ත පාලනයේ නිරුවත ලොවට පෙන්වයි. එහෙත් ශ්‍රී ලංකාව තුල මෙම www.lankaenews.com වෙබ් අඩවිය ආණ්ඩුවේ නියෝගය මත සියලු සේවා සපයන්නන් විසින් තාක්ෂණිකව ලංකාව තුල අවහිර කර ඇත. එහෙත් මා කලින් පැවසු පරිදි තහනම් කල ඕනෑම වෙබ් අඩවියක් වෙත මෙම Tor Browser යොදා ගෙන කිසිඳු බාධාවකින් තොරව ලඟා විය හැක. එය ප්‍රායෝගිකව සියැසින් දැක ගැනීම සඳහා ඔබ දැන් Tor Browser එකේ Address Bar  හි www.lankaenews.com ටයිප් කර එන්ටර් කී එක ඔබන්න. එවිට සුළු මොහොතකින් ලංකාව තුල තහනම් කර ඇති ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය පහත ආකාරයට ඔබට දිස් වනු ඇත.

 


තවද මෙම Tor Browser එකේ ඇති විශේෂත්වය වන්නේ මෙය හරහා ඔබ අන්තර්ජාලයට පිවිසෙද්දී ඔබ සිටින ස්ථානය ඔබ භාවිතා කරන අන්තර්ජාල සම්බන්ධතාව ආදී කිසිඳු තොරතුරක් අන්තර්ජාල සේවා සපයන්නාටවත් ලබා ගැනීමට නොහැකි වීමය. එබැවින් නිර්නාමිකව අන්තර්ජාලයට සැරිසැරීම සඳහාත් මෙම Tor Browser එක කදිමය.

දැන් ඔබට Tor Browser එක භාවිතා කරන ආකාරය ගැන අවබෝධයක් ඇතැයි මා සිතමි. ඔබට මේ සම්බන්ධව ගැටළුවක් ඇත්නම් එය මා වෙත යොමු කරන්න. මාගේ ඊමේල් ලිපිනය anupapremakumara123@gmail.com වෙ.